Sunday, 10 March 2019

ඇන්තූරියම් වගාවේ වර්ධන අවධි

 

• කුඩා අවධිය මාස 8-10 තෙක්
• මධ්‍යම අවධිය මාස 8-10 සිට අවුරුදු 1,1/2 වන තෙක්
• මල් පිපෙන අවධිය අවුරුදු 1,1/2 සිට ඉහළට

කුඩා අවධිය්දී නයිට්‍රජන් අඩංගු පොහොර බහුලව යෙදිය යුතු අතර මධ්‍යම අවස්ථාවේදී පොස්පරස් වැඩිපුර යෙදිය යුතුය. මල් පිපෙන අවස්ථාවේ දී පොටෑසියම් බහුලව යෙදීම වඩාත් යෝග්‍ය වේ. පොහොර යොදන ආකාරය දියරමය හා කැටමය වශයෙන් අවස්ථා දෙකක් අනුව සිදුවේ. මේ කුමන ක්‍රමයක් හෝ යොදාගැනීමට ඔබට හැකියාව ඇත.

දියර වශයෙන් පොහොර යෙදීම

කුඩා අවධියේ දී N P K / 30 10 10/ 20 20 20 හෝ /28 14 14 /21 21 21 මාරුවෙන් මාරුවට මුල් මාස 4 දී තවාන් අවධියේදී අඩු සාන්ද්‍රනයෙන් සතියකට දෙවතාවක් ද වෙන මාස 4 දී සතියට වරක් ද ජලයේ දියකර යෙදිය යුතුයි.

මධ්‍යම අවධිය මේ අනුව පහත මිශ්‍රණ දෙක මාරුවෙන් මාරුවට ජලයේ දියකර යොදන්න මධ්‍යම අවධියේදී පොහොර යෙදීම තරමක් වෙනස්ය. මෙහිදී ද කල්පනාකාරී වියයුතුය.
N P K /10 30 20 /20 20 20 හෝ 06 30 30 /21 21 21
 
මල් පිපෙන අවධියදී ද ඇන්තූරියම් ශාකයට පොහොර බහුල වශයෙන්ම අවශ්‍ය අතර පහත මිශ්‍රණ දෙක සති දෙකකට වරක් මාරුවෙන් මාරුවට යෙදිය යුතුය.
N P K /10 30 20 /20 20 20 හෝ 06 30 30 21 21 21

කැට වශයෙන් පොහොර යෙදීම

ඇන්තූරියම් වගාවට භාවිතා කරන කැට පොහොර වර්ග රාශියක් ඇත. ඒ අනුව කෙටි කලීනව දියවී අවසන් වන පොහොර වර්ග හා දිගු කාලීනව දියවී අවසන් වන පොහොර වර්ග ලෙස කොටස් දෙකකින් සමන්විත වේ.

කෙටි කාලීන දිය වී අවසන් වන පොහොර වර්ග කෙටි කලයක් ඇතුළත යෙදිය යුතුයි. කැට පොහොර යෙදීමේදී ග්රෑම් 5ත් 10ත් අතර ප්‍රමාණයක් යෙදිය යුතුය. කැට පොහොර යෙදීමේදී දැන ගත යුතු අනිත් වැදගත්ම දෙය පැළවල මුල් වගා මාධ්‍යයට හොඳින් ඇල්ලූ පසු කැට පොහොර යෙදිය යුතු බවයි.

කැට පොහොර දියවීමට ගත වෙන කාලය අනුව ගසට නිසි පෝෂණයක් නොලැබෙන්නට හැකිය. මේ නිසා කැට පොහොර ඉක්මනින් දියවෙන ලෙස අවස්ථාව සලසා ගත යුතුය. කැට පොහොර දියවීමට ගත වෙන කාල වැඩි නම් ඇන්තූරියම් ගස් පෝෂණ ඌනතාවයන්ට මුහුණ දෙයි. මේ නිසා වඩා සුදුසු දියර පොහොර ද වඩාත් සුදුසු කැට පොහොර යන්න ඔබට තීරණය කිරීමට හැකිය.

ඔබ වානිජ ක්‍රමයට ඇන්තූරියම් වගා කරන්නෙක් නම් වඩාත් සුදුසු ක්‍රමය තෝරා ගැනීම ඔබ විසින් කළ යුතුය. ක්‍රම දෙකින් එකක් ක්‍රමයක් යොදාගන්නවා හැරුණ විට ක්‍රම දෙකම යොදා ගැනීම නුසුදුසුය.

පලිබෝධයන්ගෙන් ආරක්ෂා කර ගැනීම

ගොලු බෙල්ලන්, මයිටාවන්, පත්‍රකන පණුවන්, පිටි මකුනන්, කූඩිත්තන් වැනි පලිබෝධයන් ඇන්තූරියම් පත්‍රවලට, අංකුරවලට, මල්වලට හානි කරන බැවින් ඒ සඳහා සුදුසු ප්‍රතිකර්ම යෙදිය යුතු ය.

0 comments:

Post a Comment