ඇන්තූරියම් කිව්වම අනිත් මල් වර්ග ශාක වර්ග වගේම ඇන්තූරියම් වලත් එක එක ප්‍රභේද තියෙනවා. ඒ අතර, ඇන්තූරියම් ඇන්ඩ්‍රියානම් සුදු වර්ගය. මෙහි ඇන්තූරියම් මල සුදු වර්ණයෙන් යුත් අතර පත්‍රය තරමක් දිගින් යුත්තයි. බොහෝ විට අවමංගල අවස්ථා, විවාහා සම්භාෂණ, ආයතනික උත්සව සඳහා මෙම සුදු ඇන්තූරියම් මල් වර්ගය යොදා ගන්නවා.
රතු ඇන්තූරියම් මෙහිදි කියන්න ඕන රතු ඇන්තූරියම් කිව්වම නම් රතු ඇන්තූරියම් අතරත් වර්ග තියෙනවා රතු පාට පොඩි ඇන්තූරියම් මල් හා ලොකු ඇන්තූරියම් මල් හට ගන්න ඇන්තූරියම් ශාක අතුරින් රතු පොඩි ඇන්තූරියම් මල් හට ගන්නා මිටි ඇන්තූරියම් ප්‍රභේදය තමයි ඉතා වටින්නෙ. සාමාන්‍යයෙන් වෙළඳපොළෙත් මෙම රතු වර්ණ මල් හට ගන්නා මිටි ඇන්තූරියම් ශාකයක් රුපියල් 350ත් 400ත් වගේ මිලට අලෙවි වන අතර එම එක් මලක් රුපියල් 15ක වගේ මිලක් වෙනවා.
ඇන්තූරියම් කොත්මලේ වර්ගය මෙම ඇන්තූරියම් මල් වර්ගය ලා රතු පාට රැළි සහිත තරමක් ලොකු මල් වර්ගයක්. මල් කළඹක් එහෙම හදන්න, උත්සව අවස්ථා වලට එහෙම වැඩිපුර යොදා ගන්නවා.
ඇන්තූරියම් ඇන්ඩ්‍රියානම් තැඹිලි වර්ගය මෙහි මල් ලා තැඹිලි පාට වර්ණයෙන් යුත් අතර සාමාන්‍යයෙන් මිලෙන්ද ඉතා අධික ඇන්තූරියම් වර්ගයක්.
රෝස හා දම් ඇන්තූරියම් ඇන්තූරියම් අතර රෝස පාටින් යුත් ඇන්තූරියම් මල් වගේම දම් පාටින් යුත් ඇන්තූරියම් මල් වර්ගද තිබෙනවා. දම් පාට ඇන්තූරියම් මල් වර්ගය නම් මිලෙන් අධිකයි වගේම තරමක් දුර්ලභයි. නුවර එළිය, බදුල්ල, මහනුවර වගේ ප්‍රදේශ වල නම් මේ දම්පාට ඇන්තූරියම් මල් වලට හොද ඉල්ලුමක් තියෙනවා.
ඉතින් මම මේ සඳහන් කලේ ඇන්තූරියම් වර්ග අතුරින් කිහිපයක් පමණයි. ලංකාවෙ
නම් ඇන්තූරියම් වර්ග 20කට වගේ අධික ප්‍රමාණයක් තිබෙනවා. තෙත් සහිත දේශගුණය
මෙම ඇන්තූරියම් මල් වගාවට ඉතා යෝග්‍යයයි. ඇන්තූරියම් මල් වගාවකට නිතරම
සත්කාර නොකලත් දවසට දෙවතාවක් වත් වතුර එකතු කරන්න ඕන.
0 comments:
Post a Comment